අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “සියලු ක්‍රියාවන් ප...
පූර්ව සාධක සහිත හදීසයකි
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

සෑම ක්‍රියාවක්ම ගණන් ගනු ලබනුයේ චේතනාව අනුව බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි. නැමදුම් මෙන්ම ගනුදෙනු යන සියලු ක්‍රියාවන්හි...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අපගේ කරුණක එහි නොමැති ද...
පූර්ව සාධක සහිත හදීසයකි
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

කවරෙකු දහම තුළ අල් කුර්ආනය හෝ හදීසය හෝ පෙන්වා නොදුන් නව කටයුත්තක් හෝ ක්‍රියාවක් අලුතින් සිදු කළේ ද අල්ලාහ් ඉදිරියේ එය අදාළ පුද්ගලයාගෙන් පිළිගනු නොලබන...
උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ දිනක් අප වෙත සුදෝ...
පූර්ව සාධක සහිත හදීසයකි
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත

නාදුනන පුද්ගලයකුගේ ස්වරූපයෙන් සහාබාවරුන් අතර ජිබ්රීල් අලයිහිස් සලාම් තුමා දිස් වූ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටිමින් එතුමාගේ ස්වරූපය ගැන ම...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දිල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කරුණු පහක්...
පූර්ව සාධක සහිත හදීසයකි
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඉස්ලාම් දහමේ මූලිකාංග පහ සමාන කළේ ගොඩනැගිල්ලකට ආධාරක ලෙස පිහිටා ඇති කුළුණු පහකටය. ඉස්ලාමයේ ඉතිරි කරුණු ගොඩනැගි...
මුආද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "උෆෙයිර් නම් බූරුවකු මත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පසුපසින් මා වාඩි වී සිටියෙම...
පූර්ව සාධක සහිත හදීසයකි
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම හා ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැද...

සෑම ක්‍රියාවක්ම ගණන් ගනු ලබනුයේ චේතනාව අනුව බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි. නැමදුම් මෙන්ම ගනුදෙනු යන සියලු ක්‍රියාවන්හි මෙම නීතිය පොදුවේ පිළිපදිනු ලැබේ. එබැවින් පුද්ගලයකු ඔහුගේ කටයුතු තුළින් යම් ලාභයක් අපේක්ෂා කරන්නේ නම් එම ලාභය ඔහු ලබන අතර ඔහුට කුසල් හිමි වන්නේ නැත. ඔහුගේ ක්‍රියාව තුළින් ඔහු උත්තරීතර අල්ලාහ්ට සමීප වීම අපේක්ෂා කළේ නම්, ඔහුගේ ක්‍රියාව තුළින් ඔහු කුසල් හා ප්‍රතිඵල ලබනු ඇත. ආහාර හා පාන ගැනීම මෙන් එදිනෙදා කරන ක්‍රියාවක් වුව ද එලෙසමය. ඉන්පසුව මතුපිට ස්වරූපයෙන් චේතනාව හා ක්‍රියාව එකිනෙකට සමානව තිබිය දී, ක්‍රියාව තුළ චේතනාවට ඇති බලපෑම කෙසේ දැයි පැහැදිලි කිරීමට උපමාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඉදිරිපත් කළහ. ඒ අනුව, කවරෙකු තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් තම දේශය අත්හැර ඉන් නික්ම යාමට අපේක්ෂා කළේ ද ඔහුගේ නික්ම යෑම පිළිගනු ලබන ආගමික පිළිවෙතක් වේ. ඔහුගේ චේතනාවේ අවංකභාවය නිසාවෙන් ඒ සඳහා කුසල් ලැබෙනු ඇත. නමුත් ඔහුගේ නික්ම යෑම තුළින් ධනය, කීර්තිය ව්‍යාපාරය හා විවාහය වැනි ලෞකික ලාබයක් අපේක්ෂා කළේ ද ඔහු චේතනා කළ ලාභය මිස නික්ම යෑමේ කුසල් හෝ ප්‍රතිඵල ඔහුට ලබන්නේ නැත.
Hadeeth details

කවරෙකු දහම තුළ අල් කුර්ආනය හෝ හදීසය හෝ පෙන්වා නොදුන් නව කටයුත්තක් හෝ ක්‍රියාවක් අලුතින් සිදු කළේ ද අල්ලාහ් ඉදිරියේ එය අදාළ පුද්ගලයාගෙන් පිළිගනු නොලබන අතර එය ප්‍රතික්ෂේප කරන ලැබේ.
Hadeeth details

නාදුනන පුද්ගලයකුගේ ස්වරූපයෙන් සහාබාවරුන් අතර ජිබ්රීල් අලයිහිස් සලාම් තුමා දිස් වූ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටිමින් එතුමාගේ ස්වරූපය ගැන මෙසේ විස්තර කළේය. එතුමාගේ ඇඳුම සුදෝ සුදු වර්ණයෙන් වූ අතර එතුමාගේ හිසකෙස් කළු වර්ණයෙන් යුක්ත විය. තෙහෙට්ටුව, තැවරුණු දූවිලි, වියවුල් වූ හිසකෙස්, කිලිටි වූ ඇඳුම වැනි මගියකු තුළ දක්නට ලබන කිසිදු සළකුණක් දක්නට නොවීය. එහි සහභාගි වී සිටි කිසිවෙක් ඔහු හඳුනන්නේ ද නැත. ඔවුහු ද වාඩි වී සිටියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල) තුමාණන් අබියසය. පසුව ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ දැනුම හදාරන ශිෂ්‍යයකු මෙන් වාඩි විය. හෙතෙම ඉස්ලාමය ගැන විමසීය. එවිට එතුමාණෝ, ප්‍රතිපත්තිමය සාක්ෂියේ ප්‍රකාශ දෙක පිළි ගැනීම, පස්වේල සාලතය සුරක්ෂිතව ඉටු කිරීම, සකාතය සුදුසු උදවියට පිරිනැමීම, රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම, හැකියාව ඇති තැනැත්තන්හට හජ්හි වගකීම ඉටු කිරීම යනාදිය ඇතුළත් වූ මූලික වගකීම් ඉදිරිපත් කරමින් ඔහුට පිළිතුරු දුන්හ. පසුව එතුමා: ‘ඔබ සත්‍යය ප්‍රකාශ කළෙහිය’ යැයි පවසා සිටියේය. එවිට එතුමා ඉදිරිපත් කරන දෑහි එතුමාට කිසිවක් නොදන්නා බව එතුමාගේ ප්‍රශ්නයෙන් පෙනුන ද, පසුව එතුමා ඒ ගැන තහවුරු කර සිටීම ගැන සහාබාවරු පුදුමයට පත්වූහ. පසුව එතුමා ‘ඊමානය ගැන තොරතුරු විමසා සිටියේය. එතුමාණෝ විශ්වාසයේ කරුණු හය සඳහන් කරමින් එතුමාට පිළිතුරු දුන්හ. එනම්: අල්ලාහ්ගේ පැවැත්ම, ඔහුගේ ගුණාංග, මැවීම වැනි ඔහුට පමණක් ආවේනික ක්‍රියාවන්, නැමදුමට ඔහු පමණක් සුදුසුකම් ලැබීම යනාදිය ගැන විශ්වාස කිරීම, සැබැවින්ම මලක්වරුන්, ගෞරවණීය ගැත්තන් ලෙස අල්ලාහ් ආලෝකයෙන් මවා ඇති බවත් ඔවුන් අල්ලාහ්ට කිසිදු ආකාරයෙන් පිටු නොපාන බවත් ඔහුගේ නියෝගයට අනුව පමණක් ඔවුන් කටයුතු කරන බවත් විශ්වාස කිරීම, කුර්ආනය, තව්රාතය, ඉන්ජීලය හා වෙනත් දිව්‍ය ග්‍රන්ථ මෙන් ධර්ම දූතයින් වෙත අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ පුස්තක විශ්වාස කිරීම, අල්ලාහ්ගේ දහම ප්‍රචාරය කළ ධර්ම දූතයින් විශ්වාස කිරීම, ඔවුන් අතරට නූහ්, ඉබ්‍රාහීම්, මූසා, ඊසා හා අවසාන වශයෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හා අනෙකුත් නබිවරුන් හා රසූල්වරුන් ද ඇතුළත් වේ. අවසන් දිනය විශ්වාස කිරීම, එහි මිය ගිය පසු පවතින තත්ත්වය, කබ්ර් ජීවිතය, සැබැවින්ම මිනිසා මිය ගිය පසුව අවදි කරනු ලැබ විනිශ්චයට භාජනය වීම, ඔහුගේ අවසන් ගමන ස්වර්ගය වෙත හෝ නිරය වෙත හෝ පැවතීම යනාදිය එහි ඇතුළත් වේ. එමෙන්ම අල්ලාහ් තම දැනුම, තීරණය, ප්‍රඥාව හා තම ලේඛනයේ පෙර සඳහන් කළ පරිදි හා ඔහුගේ අභිමතය පරිදි සියලු කරුණු නිර්ණය කර ඇති බවත් ඔහු නිර්ණය කළ පරිදි හා මවා ඇති පරිදි කරුණු සිදුවන බවත් විශ්වාස කිරීම. පසුව එතුමාණන්ගෙන් ඉහ්සාන් පිළිබඳ විමසා සිටියේය. එවිට එතුමාණෝ: සැබැවින්ම ඉහ්සාන් යනු තමන් අල්ලාහ්ව බලා සිටින්නාක් මෙන් ඔහු නැමදීමය. එම ස්ථාවරයට ළඟා වීම තමන්ට සහතික කළ නොහැකිනම්, අල්ලාහ් තමව බලා සිටින සේ අල්ලාහ්ට නැමදුම් කළ යුතුය. පළමුවැන්න බැලීමේ ස්ථාවරය වේ. උසස් වනුයේ එයයි. දෙවැන්න අධීක්ෂණයේ ස්ථාවරයයි. පසුව අවසන් හෝරාව සිදුවනුයේ කවදා ද? යැයි විමසා සිටියේය. එතුමාණෝ: සැබැවින්ම අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ගේ දැනුමට පමණක් බලපාන කරුණක් බවත් ඒ ගැන වෙනත් කිසිවකු නොදන්නා බවත් එම ප්‍රශ්ණය විමසනු ලබන්නාට වඩා විමසන්නා මැනවින් දන්නා බවත් පැහැදිළි කළහ. අවසන් හෝරාවේ සළකුණු පිළිබඳව එතුමාණන්ගෙන් හෙතෙම විමසා සිටියේය. එවිට එතුමාණෝ වහල් කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් බහුල වීම, එසේ නැතහොත් දරුවන් තම මව්වරුන් වහල් සේවයට යොදා ගනිමින් ඔවුනට හිංසා පීඩා කිරීම හා එළුවන් බලා කියා ගන්නා එඬේරුන් හා දුගී දුප්පතුන්ට අවසන් කාලය වන විට මෙලොවෙහි පහසුකම් විස්තීරණ වන අතර ඔවුන් අලංකාර ගොඩනැගිලි ඉදිකිරීම් හා නිර්මාණ කිරීමේ දී එකිනෙකා අහංකාරකම් පාන බව පැහැදිළි කර සිටියහ. පසු ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: සැබැවින්ම එසේ විමසා සිටි තැනැත්තා ජිබ්රීල් තුමා බවත් එතුමා සහාබාවරුන්ට පිවිතුරු ආගම ඉගැන්වීම සඳහා පැමිණි බවත් දන්වා සිටියහ.
Hadeeth details

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඉස්ලාම් දහමේ මූලිකාංග පහ සමාන කළේ ගොඩනැගිල්ලකට ආධාරක ලෙස පිහිටා ඇති කුළුණු පහකටය. ඉස්ලාමයේ ඉතිරි කරුණු ගොඩනැගිල්ල සම්පූර්ණ කරන්නක් වැනි ය. පළමු මූලිකාංගය වනුයේ: සාක්ෂියේ ප්‍රකාශ දෙකයි; එනම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැති බවට සාක්ෂි දැරීම හා සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවට සාක්ෂි දැරීමය. ඒ දෙකින් එකක් අනෙකෙන් වෙන් කළ නොහැකි ය. අල්ලාහ්ගේ ඒකීයත්වය හා නැමදුමට සුදුස්සා ඔහු පමණක් හැර වෙනත් කිසිවෙකු නැති බව පිළිගනිමින්, එය අපේක්ෂා කරන කරුණු ක්‍රියාවට නංවමින්, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පණිවිඩය විශ්වාස කරමින් හා ඔහුව අනුගමනය කරමින් ගැත්තෙකු මෙම වදන් දෙක ප්‍රකාශ කරයි. දෙවන මූලිකාංගය: සලාතය විධිමත්ව ස්ථාපිත කිරීමය. එනම් රාත්‍රියේ සහ දහවල් කාලයේ අනිවාර්යය කරන ලද ෆජ්ර්, ළුහර්, අසර්, මග්රිබ් සහ ඉෂා යන සලාත් වාර පහ ඒවායෙහි රීති, මූලිකාංග හා අනිවාර්යය දෑ පිළිපදිමින් ඉටු කිරීමය. තුන්වන මූලිකාංගය: නියම කරන ලද සකාත් නිකුත් කිරීමය. ආගමික නීතිය තුළ නියම කරන ලද නියමිත ප්‍රමාණය ලබා ඇති සෑම ධනයකම අනිවාර්යය කරන ලද මූල්‍යමය වශයෙන් ඉටු කරන නැමදුමකි. ඒවා නියමිත අය වෙත පිරිනමනු ලැබේ. සිව්වැනි මූලිකාංගය: හජ්, එනම් සර්ව බලධාරී අල්ලාහ්ට නැමදුම් වශයෙන් කෙරෙන වන්දනා කටයුතු ඉටු කිරීම සඳහා මක්කාව දෙසට පිය නැගීමය. පස්වන මූලිකාංගය: රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම, එනම් අල්ලාහ් වෙනුවෙන් සිදු කරන නැමදුමක් බවට අදිටන් කරමින්, අළුයම් කාලයේ සිට හිරු අවරට යන තෙක් කෑමෙන් බීමෙන් හා උපවාසය කඩ කරන අනෙකුත් ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමය.
Hadeeth details

අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම හා ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කර සිටියහ. අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට පමණක් ඔවුන් නැමදුම් කිරීම හා කිසිවක් ඔවුන් ඔහුට ආදේශ නොකිරීමය. සැබැවින්ම ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නොකරන, ඔහුව ඒකීයත්වයට පත් කරන ඔවුන් හට දඬුවම් නොකිරීමය. පසුව මුආද් තුමා මෙසේ පැවසූහ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මෙම ආශිර්වාදයෙන් මිනිසුන් සතුටු වනු පිණිසත් ඔවුන් ශුභාරංචි ලබනු පිණිසත් මම ඔවුනට මෙම ශුභාරංචිය දන්වා සිටිය යුතු නොවේ ද?" නමුත් ඔවුන් ඒ මත පමණක් එල්බගෙන සිටිනු ඇතැයි යන බියෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුව ඉන් වැළැක්වූහ.
Hadeeth details

මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පසුපසින් සත්වයකු පිට යමින් සිටිය දී එතුමාණෝ ‘අහෝ මුආද්!’ යැයි නැවත නැවතත් තුන්වරක්ම ඇමතූහ. එසේ එතුමාණෝ අමතා සිටියේ එතුමාණන් ඔහුට පවසන්නට යන දෑහි වැදගත්කම තහවුරු කරනු පිණිසය. ඒ සෑම අවස්ථාවකම "අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි මුආද් (රළියල්ලාහු අන්හු) තුමා පැවසීය. එනම් මම ඔබට ප්‍රතිචාරයෙන් පසු ප්‍රතිචාර දක්වමි. ඔබට ප්‍රතිචාර දැක්වීම මම අගය කරමි යන්නයි. කවර හෝ ගැත්තකු 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' සැබෑ ලෙස නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත, 'වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයා වේ- යැයි ව්‍යාජභාවයකින් තොරව තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරා එම තත්ත්වයේම ඔහු මිය ගියේ නම්, අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කළේය. එවිට මුආද් (රළියල්ලාහු අන්හු)තුමා "ජනතාව මෙම සුභාරංචිය ලබා සතුටු වනු පිණිස මෙය ඔවුනට දන්වා සිටින්නදැ?"යි විමසා සිටියේය. නමුත් ඔවුන් ඒ මත පමණක් රැඳෙමින් ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් අඩුවෙන් කරනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ බිය වූහ. තමන් මිය යන්නට පෙර, දැනුම සැඟවීමේ පාපයට තමන් වැටෙනු ඇතැයි යන බියෙන් මුආද් (රළියල්ලාහු අන්හු) තුමාණන් මේ ගැන පසු කාලයේ පවසා සිටියේය.
Hadeeth details

“කවරෙකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ එනම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නැතැයි පවසා අල්ලාහ් හැර නැමදුම් ලබන අනෙකුත් දෑ ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ධනය හා ඔහුගේ ජීවිතය මුස්ලිම්වරුන් කෙරෙහි තහනම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. එවිට ඔහුගේ බාහිර ක්‍රියාකාරකම් හැර වෙනත් දෙයක් ගැන සොයා බලන්නට අපට අවසරය නැත. ඔහුගේ ධනය පැහැර ගැනීම හෝ ඔහුගේ ජීවිතය අහිමි කිරීම හෝ නොකළ යුත්තකි. නමුත් දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති විටෙක, ඉස්ලාමයේ නීතිය නියම කර ඇති දඬුවම ක්‍රියාත්මක කිරීම අනිවාර්යය වේ. ඔහුගේ විනිශ්චය, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් භාර ගන්නේය. ඔහු සත්‍යවාදියෙකු නම් ඔහුට කුසල් පිරිනමයි. නමුත් ඔහු කුහකයෙකු නම් අල්ලාහ් ඔහුට දඬුවම් කරයි.
Hadeeth details

මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් කරුණු දෙකක් පිළිබඳ විමසා සිටියේය: එනම් ස්වර්ගයට පිවිසීම අනිවාර්යය කරන දෑ හා අපා ගින්නට පිවිසීම අනිවාර්යය කරන දෑ ය. එයට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: ස්වර්ගය අනිවාර්යය කරන කරුණ වනුයේ මිනිසෙක් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර, ඔහුට පමණක් නැමදුම් කළ තත්ත්වයේ මිය යාමය. අපා ගින්න අනිවාර්යය කරවන කරුණ වනුයේ මිනිසෙක් අල්ලාහ්ට යමක් ආදේශ කර ඔහුගේ දේවත්වය හෝ පරිපාලනත්වය හෝ ඔහුගේ නාම හා ගුණාංගවල යම් සමානයක් හා ආදේශයක් නියම කිරීමය.
Hadeeth details

'අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන් ප්‍රාර ථනා කිරීම, උදව් පැතීම වැනි අල්ලාහ් වෙනුවෙන් විය යුතු කරුණක් වෙනත් කෙනෙකුට යොමු කර පසුව ඔහු ඒ අයුරින්ම මිය ගියේ නම් සැබැවින්ම ඔහු අපා වාසීන් අතරින් වනු ඇත.' යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අපට දන්වා සිටයහ. ඊට අමතරව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා 'කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ නොතැබූ තත්ත්වයේ මිය ගියේ ද සැබැවින්ම ඔහුගේ නවාතැන ස්වර්ගය වේ' යැයි පැවසීය.
Hadeeth details

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා යමන් දේශයට, එහි වැසියන් අල්ලාහ් වෙත ඇරයුම් කරන කැඳවුම්කරුවකු හා ගුරුවරයකු ලෙස යැවූ කල්හි හෙතෙම කිතුනු ජන පිරිසක් මුණ ගැසෙන බවත් ඔවුන් වෙනුවෙන් සූදානම් විය යුතු බවත් ඔවුන් ඇරයුම් කිරීමෙහි දී වඩාත් වැදගත් දෑ පසුව වැදගත් දෑ යන අනුපිළිවෙලින් ආරම්භ කළ යුතු බවත් එතුමාණෝ ඔහුට පැහැදිළි කළහ. පළමු ව ප්‍රතිපත්තිය නිවැරදි කිරීම සඳහා හෙතෙම ඇරයුම් කර සිටියි: එය, නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔවුන් සාක්ෂි දැරීමට සැලැස්වීමෙනි. හේතුව ඔවුන් ඉස්ලාමයට පිවිසෙන්නේ එමගිනි. එයට ඔවුන් අවනත වූ විටෙක ඔවුනට සලාතය ස්ථාපිත කරන මෙන් නියෝග කළහ. 'තව්හීද්' හෙවත් ඒක දේව ප්‍රතිපත්තියෙන් පසු වඩාත්ම වැදගත් වගකීම වනුයේ එයයි. ඔවුන් එය විධිමත්ව ඉටු කළ විටෙක, ඔවුන් අතර සිටින පොහොසතුන්ගේ ධනයෙන් සකාත් ලබා ඔවුන්ගේ දිළිඳුන් අතර භාරදෙන මෙන් ඔවුනට නියෝග කර සිටියහ. පසුව එම ධනයෙන් වඩාත් ‌උතුම් දේ ගැනීමෙන් එතුමාණෝ අවවාද කළහ. සැබැවින්ම ඒ අතරින් අනිවාර්යය වනුයේ මධ්‍යස්ත දෑය. පසුව අසාධාරණකම් කිරීමෙන් වැළකෙන මෙන් එතුමාණෝ ඔහුට අවවාද කළහ. එය, අසාධාරණයට ලක්වූවන්ගේ ශාපයට ‌ඔහු ලක් නොවනු පිණිසය. සැබැවින්ම ඔහුගේ ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නක් වේ.
Hadeeth details

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මැදිහත්වීම ලබන්නට මිනිසුන් අතර වඩාත් භාග්‍යවන්ත අය වනුයේ තම හදවතින් අවංකව 'නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත' යැයි පවසා සිටින්නාය. එනම් අල්ලාහ් හැර සැබෑ ලෙස නැමදුම් ලබන කිසිවෙකු නොමැති බව විශ්වාස කිරීම හා දේව ආදේශයෙන් හා මිනිසුනට ප්‍රදර්ශනය කිරීමෙන් ඉවත්ව සිටීමය.
Hadeeth details

දේව විශ්වාසයට, ක්‍රියා, ප්‍රතිපත්ති හා ප්‍රකාශ මත ආවරණය වූ බොහෝ අනු කරුණු හා විෂයයන් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. විශ්වාසයේ කරුණු අතරින් වඩාත් උසස් හා උතුම් වනුයේ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යන ප්‍රකාශයේ තේරුම වටහා ගනිමින් එය අපේක්ෂා කරන අදහස අනුව කටයුතු කිරීමය. එනම් සැබැවින්ම අල්ලාහ් ඒකීය දෙවියාය. නැමදුමට සුදුසු වනුයේ ඔහු පමණක් මිස ඔහු හැර වෙනත් දෑට නොවේ යන්නයි. දේව විශ්වාසය පදනම්ව පවතින අවම ක්‍රියාව වනුයේ මිනිසුන් යන එන මාර්ගවල ඇති හානිදායක සෑම දෙයක්ම ඉවත් කිරීමය. පසුව, සැබැවින්ම ලැජ්ජාව ඊමානයේ කරුණක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවධාරණය කළහ. සැබැවින්ම එය අලංකාර ක්‍රියාවන්හි නිරත වීමටත් අශීලාචාර දැයින් ඉවත් වීමටත් පොළඹවන ගුණාංගයකි.
Hadeeth details