කවරෙකු අල්ලාහ් හැර දමා යම් ආදේශයකට ඇරයුම් කරමින් සිටිය දී මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිසීය...
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එක් ප්‍රකාශයක් පැවසූහ. තවත් කරුණක් මම ද පැවසුවෙමි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. “කවරෙකු අල්ලාහ් හැර දමා යම් ආදේශයකට ඇරයුම් කරමින් සිටිය දී මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිසීය.” එවිට මම මෙසේ පැවසුවෙමි: "කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ නොතබන තත්ත්වයේ මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසීය."
පූර්ව සාධක සහිත හදීසයකි
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
විවරණය
'අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන් ප්‍රාර ථනා කිරීම, උදව් පැතීම වැනි අල්ලාහ් වෙනුවෙන් විය යුතු කරුණක් වෙනත් කෙනෙකුට යොමු කර පසුව ඔහු ඒ අයුරින්ම මිය ගියේ නම් සැබැවින්ම ඔහු අපා වාසීන් අතරින් වනු ඇත.' යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අපට දන්වා සිටයහ. ඊට අමතරව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා 'කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ නොතැබූ තත්ත්වයේ මිය ගියේ ද සැබැවින්ම ඔහුගේ නවාතැන ස්වර්ගය වේ' යැයි පැවසීය.