“කවරෙකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පවසා අල්ලාහ් හැර නැමදුම් ලබන අනෙකුත් දෑ ප්‍රතික්ෂේප කළේ ද, ඔහුගේ ධනය සහ ඔහුගේ ජීවිතය (අහිමි කිරීම) තහනම් වන්නේය. ඔහුගේ විනිශ්චය අල්ලාහ් මත පවතිනු ඇත.”...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසා තාරික් බින් අෂීම් අල් අෂ්ජඊ (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පවසා අල්ලාහ් හැර නැමදුම් ලබන අනෙකුත් දෑ ප්‍රතික්ෂේප කළේ ද, ඔහුගේ ධනය සහ ඔහුගේ ජීවිතය (අහිමි කිරීම) තහනම් වන්නේය. ඔහුගේ විනිශ්චය අල්ලාහ් මත පවතිනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
විවරණය
“කවරෙකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ එනම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නැතැයි පවසා අල්ලාහ් හැර නැමදුම් ලබන අනෙකුත් දෑ ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ධනය හා ඔහුගේ ජීවිතය මුස්ලිම්වරුන් කෙරෙහි තහනම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. එවිට ඔහුගේ බාහිර ක්‍රියාකාරකම් හැර වෙනත් දෙයක් ගැන සොයා බලන්නට අපට අවසරය නැත. ඔහුගේ ධනය පැහැර ගැනීම හෝ ඔහුගේ ජීවිතය අහිමි කිරීම හෝ නොකළ යුත්තකි. නමුත් දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති විටෙක, ඉස්ලාමයේ නීතිය නියම කර ඇති දඬුවම ක්‍රියාත්මක කිරීම අනිවාර්යය වේ.
ඔහුගේ විනිශ්චය, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් භාර ගන්නේය. ඔහු සත්‍යවාදියෙකු නම් ඔහුට කුසල් පිරිනමයි. නමුත් ඔහු කුහකයෙකු නම් අල්ලාහ් ඔහුට දඬුවම් කරයි.